පැරණි ක්‍රමවේදයට අනුව වීසා ලබාදීමෙන් ගුවන් මගීන්ට සහනයක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙතෙක් අත්හිහිටුවා තිබූ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර (Online Visa) ලබා දීම අද (27) දින අලුයම 12.00 සිට යළි ආරම්භ වී තිබෙනවා.

එම හේතුවෙන් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගත යුතු (On Arrivel Visa) වීසා බලපත්‍ර ලබා ගැනීම සදහා වූ පෝලිම බොහෝ සෙයින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම රටවල් 14 කට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගැනීමට ආරක්ෂක හේතූන් මත නොහැකි වී තිබෙනවා.

එම රටවල වැසියන් මෙරටට පැමිණීම සඳහා මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ලබා ගැනීම හෝ එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ලබා ගැනීම සිදුකළ යුතු බවයි වාර්තා වන්නේ.

මේ තත්ත්වය ශ්‍රී ලංකාවට යළිත් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති වීමට බලපා තිබෙන අතර ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කාළය උදා වීමට නියමිතයි.

මෙම වසර තුළ දී ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 23 ලක්ෂයක් රැගෙන ඒමට මෙරට බලාපොරොත්තුවන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16