පැය 48ක් ගෙවීමට මත්තෙන් ජෙරොම් ප්‍රනාන්දු CID වෙත පැමිණෙයි

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇති පසුබිමකයි.

අද පෙරවරුවේ දී ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි වාර්තා වන්නේ.

බෞද්ධාගමට සහ සෙසු ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙනුයි ජෙරොම් ප්‍රනාන්දුව ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවා ඇත්තේ.

දේවගැති ජෙරොම් පෙරේදා දිනයේ දී දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණෙන අවස්ථාවේ දී තමාව අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙසටයි ජෙරොම් දේවගැතිතුමා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඊට ඇහුම්කන් දුන් උපරිමාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණෙන විට දී අත්අඩංගුවට නොගන්නා ලෙසටයි.

දිවයිනට පැමිණ පැය 48ක් ගතවීමට පෙර දේවගැතිවරයා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග ලැබී තිබුණා.

ඒ අනුවයි අද පෙරවරුවේ ඔහු සී.අයි.ඩී වෙත පැමිණ ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?