spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැය 48ක් ගෙවීමට මත්තෙන් ජෙරොම් ප්‍රනාන්දු CID වෙත පැමිණෙයි

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇති පසුබිමකයි.

අද පෙරවරුවේ දී ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි වාර්තා වන්නේ.

බෞද්ධාගමට සහ සෙසු ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙනුයි ජෙරොම් ප්‍රනාන්දුව ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවා ඇත්තේ.

දේවගැති ජෙරොම් පෙරේදා දිනයේ දී දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණෙන අවස්ථාවේ දී තමාව අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙසටයි ජෙරොම් දේවගැතිතුමා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඊට ඇහුම්කන් දුන් උපරිමාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණෙන විට දී අත්අඩංගුවට නොගන්නා ලෙසටයි.

දිවයිනට පැමිණ පැය 48ක් ගතවීමට පෙර දේවගැතිවරයා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග ලැබී තිබුණා.

ඒ අනුවයි අද පෙරවරුවේ ඔහු සී.අයි.ඩී වෙත පැමිණ ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?