පැය 4ක විදුලි කප්පාදුවක් ?

මාර්තු මාසය වන විට පැය 04ක විදුලිය කැපීමේ අවදානමක් පවතින බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එම අවදානමෙන් මිදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වැදගත් බවය.

හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“කවුරු හරි ඇවිල්ලා කියනවා නම් අපිට ඇති වෙන්න ඩොලර් තියෙනවා, අපිට ඇතිවෙන්න රුපියල් තියෙනවා, ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් නෑ කිව්වොත් ජනතාවත් කල්පනා කරනවා මොන එහෙකට ද අපි ඉතිරි කරන්න යන්නේ කියලා. අපිත් ජොලියේ ජීවත් වෙන්න ඕනේ කියලා. අපි දැන් පැය 24 ම විදුලිය දෙන්න උත්සහයෙන් මට තේරෙන විදියට නම් මාර්තු අග වනවිට කොහෙන් හරි ලොකු ඩොලර් ණයක් ගත්තොත් පොළියත් එක්ක ආපහු ගෙවන්න වෙනවා. එහෙම නැතුවුණොත් අපිට පැය 4ක විතර විදුලි කැපීමකට යන්න වෙනවා මාර්තු අග වෙද්දි. ඊට වඩා හොඳ නැද්ද අපි ඊළඟ වැස්ස එනතුරුම පැය එක හමාර ගානේ කපාගන්න තැනකට ගියොත්. දවස් දෙකක් හොඳ හෝටලයකින් කාලා දවස් 28ක් බඩගින්නේ ඉන්නවා ද? එහෙම නැත්නම් එළවළු පළතුරු ටික කඩෙන් ගෙනල්ලා ගෙදර උයාගෙන කාලා දවස් 30 වේල් තුනම කනවා ද කියලා ප්‍රශ්නයක් තමා දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නයේ දී හැමෝම කැපකිරීම් කළ යුතු වෙනවා. කැපකිරීම් කරන්න නම් ප්‍රශ්නයක් තියෙනවා යන්න ජනතාව දැනගන්න ඕනේ. දෙක මෙහෙම කැපකිරීම පිළිබඳ ආදර්ශය දේශපාලන නායකයෝ දෙන්න ඕනේ.”

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධීකාරී සුසන්ත පෙරේරා මහතා අද (21) පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස පැහැදිලි කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44