පැය 24 ක් තුළ ගාසා තීරයේ පුද්ගලයින් 241ක් මරුට

ගාසා තීරය තුළ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් ගත වූ පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයින් 241 දෙනෙකු මියගොස් ඇති ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුදමය තත්ත්වය නිසා තම ජනතාවට බරපතළ අපරාධයක් සිදුවී ඇති බවයි පලස්තීන ජනාධිපති Mahmoud Abbas සඳහන් කරන්නේ.ඊශ්‍රායල හමුදා ප්‍රධානී Herzi Halevi නිවේදනය කරන්නේ හමාස් සංවිධානය සමග පවතින ගැටුම තවත් මාස ගණනාවක් පවතින බවයි.

ගාසා තීරයේ සෞඛ්‍ය අංශ පවසන්නේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 382 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි.සති 11කට වැඩි කාලයක් තිස්සේ පැවති සටන්වලදී අවම වශයෙන් පලස්තීනුවන් 20,915ක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?