පැය 10-15 විදුලි කප්පාදුවක් ?

දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පැවසීය.

නොරොච්චෝලේ බලාගාරයේ එක් යන්ත්‍රයක් අලුත්වැඩියාව සඳහා නවතා දැමීම නිසා මෙගාවොට් 270 ක් ද, ඉන්ධන අර්බුදය නිසා තවත් සැලකිය යුතු මෙගාවොට් ප්‍රමාණයක්ද අහිමිවිය හැකි බව ද රංජිත් මහතා කීය. එවැනි තත්ත්වයකදී වැඩි පැය ගණනක් විදුලිය ලබාදීම නිසා නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලිය නිපදවීමට ගියහොත් ජලය අඩුවී නිපදවන විදුලිය ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවිය හැකි බව ද ඒ මහතා පැවසීය.

විදුලිය ලබාදීම ද බරපතළ ගැටලුවක්ව තිබෙන මේ මොහොතේත් සියලු පාර්ශ්ව එක මේසයකට පැමිණ සාකච්ඡා නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත්, විදුලි අර්බුදයට යම් විසඳුමක් දීමට නම් විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමක්, අවබෝධයක් ඇති පිරිස සමඟ සාකච්ඡා කර තීරණ ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පෙරේදා (27 දා) වනවිට ජල විදුලියෙන් ගිගාවොට් පැය 32.54ක්, තාප 57.44ක් සූර්ය බලයෙන් 0.76 ක්, සුළං බලයෙන් 8.64 ක් ලෙස විදුලිය නිපදවා ජාතික පද්ධතියට එක්කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?