2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරණ ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019-08-02 දිනැති ව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, එකී රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම් කාඩ්පත් සඳහා පමණක් අදාළ වනවා.

එබැවින්, 2019-08-02 දිනට පෙර ලියාපදිංචි වූ ඇතැම් ග්‍රාහකයින් පිළිබඳ තොරතුරු දුරකථන ක්‍රියාකරු සමාගම් සතුව නොමැති අතර, ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතුවලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම, වයස අවුරුදු 16 – 17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධිවිධාන ද ඇතුළත් කරමින් දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයි හඳුනාගන ඇත්තේ.

ඒ අනුව, 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සලසමින් සහ දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

  1. මේක හොද වැඩක් මේ එක්කම තමුන් ගේ නොම්බරේ ආරක්ෂා කරගනිමින් කැමැති ජාලයකට යන්නඅවස්තා ව දෙන්න

  2. මෙික අනිවාරයෙන්ම කලයුතු වැඩක් අනික එක පුද්ගලයෙකුට සිමිපත් ලබාගන්නා උපරිම ප්‍රමානය දෙකක් කල යුතුයි එම සමාගමි දෙකේ ලබාගන්නා සිමිපත සදහා ඔහුගෙ හෝ ඇයගෙ අනන්‍යතාවය 100%බැලිය යතුයි එතකොට මෙිරටෙි අපරාද බොහොමයක් නැතිවෙිවි

  3. UnUnlimited Data කියලා Limit කරපු Data Package තාම තියන ලංකාවේ ඩිජිටල් කරන්න කියන්නෙ මොන පම්පෝරි කතාද මේ..