තාවකාලික හැඳුනුම්පතකින් සා.පෙළ ලියන අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම විමර්ශනයකින් පසු

හෙට (17) ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අනන්‍යතා පත්‍ර ලෙස ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදෙස් ගමන් බලපත්‍රය යොදාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කරනවා.

යම් විභාග අපේක්ෂකයෙකුට එම අනන්‍යතා පත්‍ර නොමැති අවස්ථාවක, පාසල් අපේක්ෂකයෙකු නම් විදුහල්පතිවරයා මඟින් සහතික කරන ලද ඡායාරූප දෙකක් තාවකාලික හැඳුනුම්පතක් ලෙස විභාගයට පෙනී සිටීමට යොදාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.

අනන්‍යතා පත්‍ර නොමැති පෞද්ගලික අපේක්ෂකයෙකුට, ඡායාරූප දෙකක් ග්‍රාම නිලධාරීවරයා ලවා සහතික කරගෙන තාවකාලික හැඳුනුම්පතක් ලෙස විභාගයට පෙනී සිටීම සඳහා යොදාගැනීමට අවසර දී ඇති බව ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙලෙස තවකාලික හැඳුනුම්පත් ඉදිරිපත් කර විභාගයට පෙනී සිටින අපේක්ෂනයින්ට ඔවුගේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ඔවුන්ව විභාග දෙපාර්තමේන්තුවට කැඳවා පවත්වන විමර්ශනයකින් අනතුරුව ප්‍රතිඵල නිකුත් කිරීම සිදුකරන කරන බවයි කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර හෙට (17) උදෑසන 8.30ට විභාග ආරම්භ වීමට නියමිත අතර, විභාග ආරම්භයට පැයකට පෙර විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු අතර, සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් දහවල් 12.30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවද විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06