ඩයනාගේ පාස්පෝට් නඩුවත් නීතිඥවරු නැති නිසා කල් යයි

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාලව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවකට අදාල වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 24 වන දින යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(16) දින නියම කළා.

සැකකාර ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් චෝදනා 07ක් ගොනු කර ඇති අතර, ඉන් එක් චෝදනාවකට අදාළ නඩු විභාගයට අදාල සාක්ෂි විභාගය අද (16) අධිකරණයේ කැඳවිමට නියමිතව තිබුණා.

අද දින නීතිඥවරුන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා සිද්ධියට අදාළ සාක්ෂි විභාගය පෙබරවාරි 24 තෙක් කල් තැබුවා.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකාර ඩයනා ගමගේ සහ සිද්ධියට අදාලව සාක්ෂි ලබාදීමට පැමිණි 21,27,28 සහ 29 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම සාක්ෂිකරුවන්ට පෙබරවාරි 24 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී අවවාද කළා.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14