පැමිණිල්ල නොලියූ පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනකුගේ වැඩ තහනම්

රුපියල් ලක්ෂ 14කට අධික වටිනාකමකින් යුතු කිරි හරක් ගවයින් පස්දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි දෙකක් , සටහන් පොත්වල සටහන් නොකර නිසි විමර්ශනයක් සිදු නොකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාරම්මල පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකුගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකුගේ බවයි.

රුපියල් ලක්ෂ 12ක් වටිනා එළ ගවයින් සිව් දෙනකු සහ සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ගවයකු සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත් 07 වැනිදා නාරම්මල පොලිස් ස්ථානය වෙත පැමිණ අදාළ පැමිණිල්ල සිදු කර තිබෙනවා.

පැමිණිලිකරුවන් දෙදෙනා වැඩබලන පොලිස් ස්ථානාධිපති වන පොලිස් පරීක්ෂකවරයාට සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයා වෙත පැමිණිලි කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලද තොරතුරකට අනුව විමර්ශනය කර පසුගිය 08 වැනිදා මෙම වැඩ තහනම සිදුකළ බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

නාරම්මල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
13
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46