AFC Banner
Empty Ad
Empty Ad

පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනියි

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු  අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.

 අසාදිතයා නාවලපිටිය කුරුදුවත්ත පදිංචිකරුවෙකු බවත් අවු 31 වයසැති අසාදිතයා (20) දින පස්බාගේ කොරලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරික්ෂකවරුන් විසින් කුරුදුවත්ත නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇත.

අසාදිතයාගේ රෝගි තත්ත්වය උත්සන්න විම නිසා අසාදිතයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු (25) දින උදැසන 8 අසාදිතයා එම වාට්ටුවෙන් පැන ගොස් ඇත.

පැන ගිය අසාදිතයා සම්බන්ධයෙන් නාවලපිටිය රෝහලේ ආරක්ෂක අංශ විසින් කුරුදුවත්ත පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව අසාදිතයා තම නිවස කරා යමින් සිටියදි කුරුදුවත්ත  මේරිවල පොලිස් මුරපොලේදි අල්ලා ගිලන් රථයක් මගින් යලිත් නාවලපිටිය රෝහලට යොමු කර ඇත.

අසාදිතයා ගමන් ගත් ලංගම බස් රථයේ ගමන් ගත් ළගම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බවත්, අසාදිතා පදිංචි නාවලපිටිය කුරුදුවත්ත මේරිවල වත්තේ කොටසක පදිංචිකරුවන්ද ස්වයං නිරෝධනයට යොමු කර ඇති බව පස්බාගේ කොරලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?