පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනියි

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු  අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.

 අසාදිතයා නාවලපිටිය කුරුදුවත්ත පදිංචිකරුවෙකු බවත් අවු 31 වයසැති අසාදිතයා (20) දින පස්බාගේ කොරලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරික්ෂකවරුන් විසින් කුරුදුවත්ත නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇත.

අසාදිතයාගේ රෝගි තත්ත්වය උත්සන්න විම නිසා අසාදිතයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු (25) දින උදැසන 8 අසාදිතයා එම වාට්ටුවෙන් පැන ගොස් ඇත.

පැන ගිය අසාදිතයා සම්බන්ධයෙන් නාවලපිටිය රෝහලේ ආරක්ෂක අංශ විසින් කුරුදුවත්ත පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව අසාදිතයා තම නිවස කරා යමින් සිටියදි කුරුදුවත්ත  මේරිවල පොලිස් මුරපොලේදි අල්ලා ගිලන් රථයක් මගින් යලිත් නාවලපිටිය රෝහලට යොමු කර ඇත.

අසාදිතයා ගමන් ගත් ලංගම බස් රථයේ ගමන් ගත් ළගම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බවත්, අසාදිතා පදිංචි නාවලපිටිය කුරුදුවත්ත මේරිවල වත්තේ කොටසක පදිංචිකරුවන්ද ස්වයං නිරෝධනයට යොමු කර ඇති බව පස්බාගේ කොරලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22