AFC Banner
Empty Ad
Empty Ad

පැන්ඩෝරා විමර්ෂණ ගැන වූ ප්‍රගතිය ජනපතිට දැනුම් දෙයි

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි.

පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දෙනු ලැබිණ.

අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර ඔක්තෝබර් මස 06 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළේය.

එයට ප්‍රතිචාර වශයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා 2021.11.08 දාතමින් වාර්තාවක් යොමු කර තිබේ.

තිරුකුමාර් නඩේෂන් ගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් කැඳවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී.

විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බව එමගින් වැඩිදුරටත් දන්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16

?