Empty Ad
AFC Banner
Empty Ad

පැදිකරුට මරු කැඳවූ නොසැලකිලිමත් රිය ධාවනය

ගම්පොළ – මහනුවර මාර්ගයේ ගුරුදෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (22) පෙරවරුවේ මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

මරණකරු විදුලි කාර්මික, වඩුවැඩ ආදි විවිධ වෘත්තීන්වල නියැලෙමින් කටයුතු කරන්නෙකු වන බවත් හෙතෙම අද උදෑසන ගමේ විහාරස්ථානය වෙත දානය ද පූජා කර යළිත් රාජකාරි සඳහා ගෙලිඔය ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ගිරාඋල්ල ප්‍රදේශයේ පදිංචි මධුර කීර්ති නමැති 58 හැවිරිදි දෙදරු පියෙක්.

කොළඹ – දෙල්ගොඩ ප්‍රදේශයේ සිට ගම්පොළ දෙසට පැමිණ ඇති මෙම මෝටර් රථය මාර්ගයේ වැරදි දෙසට ධාවනය වී මෙම පැදිකරු ද යට කරගෙන ගොස් මාර්ගයේ පැති බැම්මේ ගැටී නතර වී තිබෙනවා.

අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවයි පොලිසිය සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?