පැටවා බිහි කරන්න සූදානමින් සිටි ගැබිණි කෙනෙර ඝාතනය කළ සැකකරුවන් සොයා පරීක්ෂණ (ඡායාරූප)

පලුගස්වැව බෙල්ලන්කඩවල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද ගැබ්බර කෙනරකගේ මරණ පරීක්ෂණය අද (09) පස්වරුවේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍යවරු විසින් සිදු කරනු ලැබුවා.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති කෙනර වයස අවුරුදු 25ක් පමණ වන ගැබ්බර කෙනරක බවටයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

උස අඩි හත හමාරක් පමණ වන එම කෙනර පැටවා බිහිකිරීමට ආසන්නව සිටි සත්වයෙක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මල්කන්ද හා රිටිගල යන රක්ෂිතවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලි රංචුවක සිටි කෙනරක බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ කිසියම් පුද්ගලයකු විසින් මෙම කෙනරට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ද සිදු කළ මූලික විමර්ශණවලදී වනජීවී නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඝාතනය සිදුකළ අපරාධකරු එම කෙනරගේ හිසට තබා ඇති වෙඩි පහරක් හේතුවෙන් හිස අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුව ඇති හානි හේතුවෙන් මරණය සිදුවී ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ.

මරණ පරීක්ෂණයේදී හමුවූ එම ගැබිණි කෙනරගේ කුස තුල වූ කලය මාස 18ක් පමණ වන හොදින් වැඩුණු අංග සම්පූර්ණ කලලයක් බවට වනජීවී නිලධාරීන් තහවුරු කර ගත් අතර එම කෙනෙර නුදුරේදීම එම පැටවා බිහි කිරීමට සිට ඇති බව ද තහවුරු වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු එම කෙනරගේ මළ සිරුර ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාගේ අධීක්ෂණයෙන් එම ස්ථානයේදීම මිහිදන් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගැබ්බර කෙනරක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් හබරණ පොලිස් ස්ථානය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැබ්බර කෙනරගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් විමර්ශණ ආරරම්භ කර ඇති අතර ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින්ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?