පාස්පෝට් හදාදෙන්න අල්ලස් ගත් 4ක් රිමාන්ඩ්

විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා යැයි පවසමින් අල්ලස් වශයෙන් රුපයිල් 20,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකවරියක සහ තැරැව්කරුවන් තුන් දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතායි අද (16) මෙම නියෝගය ලබාදුන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා සැකකරුවන් මෙලෙස මුදල් ලබාගෙන තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායිකාවක්, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයෙක්, ලොතරැයි අලෙවිකරුවෙක් මෙන්ම දුරකතන සිම්කාඩ්පත් අලෙවිකරුවකු සහ තවත් අයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ කොළඹ 07, මලලසේකර මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තබනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?