පාස්පෝට් හදාදෙන්න අල්ලස් ගත් 4ක් රිමාන්ඩ්

විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා යැයි පවසමින් අල්ලස් වශයෙන් රුපයිල් 20,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකවරියක සහ තැරැව්කරුවන් තුන් දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතායි අද (16) මෙම නියෝගය ලබාදුන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා සැකකරුවන් මෙලෙස මුදල් ලබාගෙන තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායිකාවක්, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයෙක්, ලොතරැයි අලෙවිකරුවෙක් මෙන්ම දුරකතන සිම්කාඩ්පත් අලෙවිකරුවකු සහ තවත් අයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ කොළඹ 07, මලලසේකර මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තබනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05