AFC Banner
AFC Banner
Empty Ad

පාස්පෝට් කන්තෝරුව ළඟ සල්ලි කන තැරැව්කාර කාක්කෝ 09ක් අල්ලයි

තැරැව්කරුවන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් සකස් කිරීමට කටයුතු කළ සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් බුද්ධි අංශ මඟින් මෙම පුද්ගලයින් නවදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැඳී සිටින තැරැව්කරුවන් විසින් විදෙස් ගමන් බලපත්‍ර සැකසීම සඳහා රුපියල් 25,000ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල රැඳී නොසිට නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් විදෙස් ගමන් බලපත්‍ර සකස්කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණා.

ඒ, අනුවයි මේ පිළිබදව සොයා බලන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබුණේ.

එම උපදෙස් මත ඊයේ (18) දිනයේ දී බුද්ධි අංශ යොදවා සිදුකළ විශේෂ මෙහයුමක දී මෙම තැරැව්කරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර, මෙලෙස වංචනිකය තැරැව්කරුවන් සමඟ එකතු වී ක්‍රියාකරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබදව ද සොයා බලන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
7
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?