පාස්පෝට් කන්තෝරුව ළඟ සල්ලි කන තැරැව්කාර කාක්කෝ 09ක් අල්ලයි

තැරැව්කරුවන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් සකස් කිරීමට කටයුතු කළ සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් බුද්ධි අංශ මඟින් මෙම පුද්ගලයින් නවදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැඳී සිටින තැරැව්කරුවන් විසින් විදෙස් ගමන් බලපත්‍ර සැකසීම සඳහා රුපියල් 25,000ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල රැඳී නොසිට නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් විදෙස් ගමන් බලපත්‍ර සකස්කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණා.

ඒ, අනුවයි මේ පිළිබදව සොයා බලන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබුණේ.

එම උපදෙස් මත ඊයේ (18) දිනයේ දී බුද්ධි අංශ යොදවා සිදුකළ විශේෂ මෙහයුමක දී මෙම තැරැව්කරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර, මෙලෙස වංචනිකය තැරැව්කරුවන් සමඟ එකතු වී ක්‍රියාකරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබදව ද සොයා බලන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43