පාස්පෝට් කන්තෝරුව අවට දැඩි දුර්ගන්ධයක් – ජනතාවගෙන් චෝදනා (ඡායාරූප)

මේ දිනවල (05) දැඩි අර්බුදකාරී තත්ත්වයක් ව පවතින ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමේ ගැටලුව තවදුරටත් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සිය ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම, ඊට ඉල්ලුම් කිරීම සහ වෙනත් සේවා කටයුතු සඳහා බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාව තවදුරටත් දින ගණනාවක සිට දැවැන්ත පෝලිම්වල සිටින අයුරු දක්නට ලැබෙනවා.

මෙවන් පසුබිමක ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පිහිටි පරිශ්‍රය අවට දැඩි දුර්ගන්ධයක් ද හමන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සේවා ලබා ගැනීමට එම පරිශ්‍රය වෙත පැමිණි ජනතාව චෝදනා කරන්නේ නිසි ලෙස කැලිකසළ බැහැර නොකිරීමත්, පැමිණි ඇතැම් පිරිස් විසින් භාවිත කරන ලද ආහාරපාන ඇතුළත් ව තිබූ අපද්‍රව්‍ය, පොලිතීන් උර පවා දෙපාර්තමේන්තුව අවට මෙන් ම, මාර්ගයේ දෙපස විසි කර ඇති බවයි.

මේ හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් මේ වනවිට එම ප්‍රදේශයෙන් හමන බවත්; ඊට හේතුව දින ගණනාවක සිට ගුවන් ගමන් බලපත්‍ර සකසා ගැනීම් ආදි සේවා කටයුතු සඳහා පෝලිම්වල රැඳී සිටින ජනතාව දැඩි අපහසුතාවකට පත් වීමත්, ආහාරපාන ගැනීමට හෝ ඒවා ඉවත දැමීමට ඇති කැලි කසළ බඳුන් වුව ද පිරී ඉතිරී තිබීමත් මීට හේතුව බවයි.

WhatsApp Image 2024 09 05 at 15.12.18 1
WhatsApp Image 2024 09 05 at 15.12.18
WhatsApp Image 2024 09 05 at 15.12.17
WhatsApp Image 2024 09 05 at 15.12.15 2
WhatsApp Image 2024 09 05 at 15.12.15 1
WhatsApp Image 2024 09 05 at 15.12.15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
12
+1
3
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15