පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට පත් කෙරෙන කමිටු ගැන කාදිනල් හිමිපාණන්ගෙන් සැර කතාවක් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තවත් කමිටු පත් කිරීම ඇස් බැන්දුමක් පමණක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කළුතර කලමුල්ල ශාන්ත මරියා දේවස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ මීට පෙර පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමකින් තොරව තවත් කමිටු පත් කිරීම ඵල රහිත ක්‍රියාවක් බවයි.

මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් උන්වහන්සේ කියා සිටියේ වත්මන් පාලනය විසින් මෙරට කතෝලික ජනතාව රවටමින් සිටින බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටු වන බව ද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.

චැනල් ෆෝ සිද්ධියට විමර්ශනයක් සිදු කිරීමකින් තොරව විශ්‍රාම ගිය විනිසුරුවන් කමිටුවකට පත්කිරීම හාස්‍යජනක වන අතර ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ ජනාධිපති කොමිසමෙන් ලබාදුන් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම බවයි උන්වහන්සේ කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26