පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබූ විත්තිකාරිණියක් රටින් පැනලා – අධිකරණයෙන් CID දැඩි දෝස්මුරයක්

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විත්තිකරුවන් බවට පත් කර සිටින මුස්ලිම් අන්තවාදීන් දෙදෙනකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පනවා ඇති නඩුවේ පැමිණිල්ලේ සිව්වැනි සාක්ෂිකාරිණියට ලබන ජූලි මස 02 වැනි දින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට තම අධිකරණය හමුවේ සිතාසි නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (24) නියෝග කළා.

එම නඩුවේ පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකාරිණිය ලෙස නම්කර තිබූ විත්තිකරුවන්ගේ නිවසේ ගෘහ සේවිකාව ලෙස සේවය කළ තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ නොදන්වා විදෙස් රැකියාවකට ගොස් ඇති බවත්, සිව්වැනි පැමිණිලිකාරිණිය ද විදෙස්ගත වීමේ අවදානමක් පවතින බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට කරුණු දක්වමින් පැවසූ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පෙර කී දෙවැනි සාක්ෂිකාරිණිය විදෙස්ගත වීමට අදාළ ව ආගමන – විගමන දෙපාර්තමෙන්තුවෙන් ලබාගත් ලේඛන අද දිනය තුළ වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විනිසුරු මාරසිංහ මහතා නියෝග කළා.

එම සැකකාරිණිය විදෙස්ගත වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට මින් පෙර දැනුම්දීමට කටයුතු කිරීමට තිබූ බවත්, අහසින් කඩා වැටුණු පිරිසක් මෙන් අධිකරණය හමුවට නොපැමිණෙන ලෙසත් නඩුවට අදාළ කටයුතු නිසි ක්‍රමවේදයට අනුව සිදු කරන ලෙසත් මාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සහරාන් හෂීම් ප්‍රමුඛ පාස්කු බෝම්බකරුවන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබුණු තොරතුරු තිබියදීත් ඒ බව පොලිසියට නොදන්වා කරුණු වසන් කිරීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට චෝදනා කර මොහොමඩ් ඊබ්‍රහීම් ඇතුළු ඔහුගේ පුතුන් දෙදෙනකුට නීතිපති නඩු පවරා තිබුණා.

එම නඩුවේ පළමු විත්තිකරු ලෙස සැලකෙන මොහොමඩ් ඊබ්‍රහීම් අද අධිකරණය හමුවේ රෝද පුටුවක ආධාරයෙන් පෙනී සිටියා.

කෙසේනමුත් නඩු විභාගයට පෙනී සිටීමට තරම් සුදුසුම් මට්ටමක එම විත්තිකරු නොසිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන් අතර ඊට කිසිදු විරුද්ධත්වයක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නොපෑ නිසා නඩුව කල් තැබීමට අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?