පාසලේ දරුවන් 4 ක් අපයෝජනයට ලක්කළ විදුහල්පතිට වැඩ වරදියි

රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සිය පාසලේ පිරිමි දරුවන් සිව්දෙනකු අපයෝජනයට ලක් කළැයි සැකපිට ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.

සැකකරු හතළිස් තුන් හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් . අපයෝජනයට ලක් වූ බව කියන පාසලේ පිරිමි දරුවෝ අවුරුදු එකොළහේ සිට දහතුන දක්වා වයසේ පසු වෙන බවත් සඳහන්.

මෙම දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳව තොරතුරු සොයා තිබෙනවා. ඒ පිළිබඳව දරුවන්ගෙන් විමසූ විට පවසා ඇත්තේ පාසලේ විදුහල්පතිවරයා තමන්ට මෙම ක්‍රියාකාරකම් කළ බවත් තමන්ට ඒවා කරන ලෙස පැවසූ බවයි. දරුවන් හෙළි කළ කරුණු මත දෙමාපියන් රක්වාන පොලිසියට සිද්ධිය පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව සැකකාර විදුහල්පතිවරයා රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවන් සිව්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට කහවත්ත මූලික රෝහලට යොමු කර ඇති අතර සැකකරු ඊයේ සවස පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව රක්වාන පොලිසිය කියයි.

රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. එස්. පී. පුෂ්පලාල් උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?