පාසල් 1000ක් පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය (ඡායාරූප)

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “Clean Sri Lanka” වැඩසටහන යටතේ තවත් එක් අදියරක් වශයෙන් මෙම වසරේ (2025) පෙබරවාරි හා මාර්තු මාස තුළ දී දීපව්‍යාප්තව තෝරාගත් පාසල් 1000ක පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ හා අබලන් වී ඇති ඩෙස්පුටු ඇතුළු පාසල් උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ “රට හදන පරපුරක – වෙමු ද අපි මුල් පුරුක” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, අදාළ පාස‍ල්වල විදුහල්පතිවරුන් ඇතුළු පාසල් ප්‍රජාවගේ මුලිකත්වයෙන් සිදු කරනු ලබන බවයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය හා තාක්‍ෂණික දැනුම ලබාදීමට කටයුතු කරනවා.

එහි පළමු අදියර යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි තෝරා ගනු ලැබූ පාසල් 200ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට නියමිත අතර, ඊයේ (20) දින එහි සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/හෝ ඉළුක්ඕවිට ප්‍රාථමික විද්‍යාලයේ දී ද, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/කො මෝදර ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දී ද, ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/කො මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේ දී ද, ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණා.

මෙම අවස්ථාවන්ට ත්‍රිවිධ හමුදාපතිවරුන්, “Clean Sri Lanka” වැඩසටහනේ කාර්යය සාධක බලකායේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ අතර, හමුදා සාමාජිකයන් මෙන්ම, එම පාසල්වල විදුහල්පතිවරු ඇතුළු කාර්ය මණ්ඩලය, පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ පුර්ණ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘති ආරම්භ කෙරුණු බවත් වාර්තා වනවා.

WhatsApp Image 2025 02 20 at 18.40.40 1
WhatsApp Image 2025 02 20 at 18.40.40
WhatsApp Image 2025 02 20 at 18.40.39 1
WhatsApp Image 2025 02 20 at 18.40.39
WhatsApp Image 2025 02 20 at 18.40.37 2
WhatsApp Image 2025 02 20 at 18.40.37 1
WhatsApp Image 2025 02 20 at 18.40.37
WhatsApp Image 2025 02 20 at 18.40.36 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?