මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක රියදුරුවරයෙක්ට පහර දුන් සිද්ධියට අදාළව සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 21, 26 සහ 27 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිය වයස අවුරුදු 38ක තැනැත්තියක්.
සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ඊයේ (26) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය ඇප මත මුදාහැර තිබෙනවා.
සැකකරුවන් තිදෙනා හෙට (28) දිනය දකවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
පසුගිය 25 වනදා හන්තාන ප්‍රදේශයේ දී මෙම පාසල් පමුන් පිරිසක් විනෝද චාරිකාවක් රැගෙන ආ බස් රථයක රියදුරුවරයෙක්ට මෙම පහරදීම සිදුකර තිබුණා.





