පාසල් ළමුන් රැගත් බසයක රියදුරෙකුට පහරදුන් සිද්ධියට 04ක් අත්අඩංගුවට

මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක රියදුරුවරයෙක්ට පහර දුන් සිද්ධියට අදාළව සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 21, 26 සහ 27 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිය වයස අවුරුදු 38ක තැනැත්තියක්.

සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ඊයේ (26) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය ඇප මත මුදාහැර තිබෙනවා.

සැකකරුවන් තිදෙනා හෙට (28) දිනය දකවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

පසුගිය 25 වනදා හන්තාන ප්‍රදේශයේ දී මෙම පාසල් පමුන් පිරිසක් විනෝද චාරිකාවක් රැගෙන ආ බස් රථයක රියදුරුවරයෙක්ට මෙම පහරදීම සිදුකර තිබුණා.

  1. මෙවැනි නීතිය අතට ගන්නන් සදහා අන් අයට ආදර්ශයක් ලෙස ගෙන නැවත මෙවැනි දෑ කාගෙන්වත් නොවන ලෙස දඩුවම් දියයුතුමයි.☝

  2. දහසක් අමාරැකම් මැද එදිනෙදා කටයුතුවල යෙදෙන පාසැල් දරැවන්නිදහසේ සතුටින් විනෝද චාරිකාවක් යනවිට නීති රීති නොතකන චන්ඩ්න්ගේ ග්‍රහනයට අසුවීම භීතියට ලක්වීම කණගාටුදායකයි. මේම දාමරිකයන්ට අමතක නොවනපාඩමක් නීතිය පැත්තෙන් ඉගැන්විය යූතුය.

  3. ලංකාවේ පාසල් ළමයින්ව පාසලෙන් විනෝද චාරිකා රැගෙන යන්නෙ නැහැ අධ්‍යාපන චාරිකා පමනයි ගෙනයන්න පුළුවන්.ඒක අසත්‍යයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14