පාසල් ළමුන් මග දමා ගිය රියදුරු හා කොන්දොස්තරගේ වැඩ තහනම්

පාසල් ළමුන් බසයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ රියදුරු සහ කොන්දොස්තරවරයෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලය මේ බව ප්‍රකාශ කළ බවයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම – කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් අංක NC – 0755 බස් රථයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරයාගේ රාජකාරි කටයුතු බවයි වාර්තා වන්නේ.

අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැඳී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්‍රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරිවරුන් පාසල් ළමුන් රැඳී සිටින බස් නැවතුම්පොළවල්වල රඳවා බස්රථ නවත්වන ලෙස සභාපතිවරයාගේ උපදෙස් පරිදි නිලධාරින් ක්‍රියාත්මක වී තිබෙනවා.

එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවට වාර්තා වූ බව කළුතර ලංගම උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද (06) දිනයේ දී නැවත ඩිපෝ අධිකාරිවරුන් මෙන් ම ජංගම පරීක්ෂකවරුන් ද යොදවා පරීක්ෂා කිරීමේ දී රියදුරු සහ කොන්දොස්තරවරයා එම නිලධාරින් සමග ද බහින්බස් වීමක් සිදු කරගෙන තිබෙනවා.

එහිදී බස් රථ රියදුරු විසින් පවසා ඇත්තේ “මොකා කීවත් ආයේ නවත්වන්නේ නෑ, පුළුවන් දෙයක් කරන්න” යනුවෙන්.

එම සිද්ධිය ජංගම දුරකථන දර්ශන සමගින් ලංගම නව සභාපති රමාල් සිරිවර්ධන මහතාට සැලවීමත් සමගින් අදාළ රියදුරු සහ කොන්දොස්තරවරයා සේවයෙන් පහකිරීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලය නිවේදනය කළා.

පාසල් සිසුන් කාලයක සිට මෙම ගැටලුවට මුහුණපා ඇති අතර, පැවති පරිපාලන දුර්වලතා හේතුවෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සිය අභිමතය පරිදි මගීන් නංවාගැනීම සිදුකර ඇති බවත් ලංගම ආරංචි මාර්ග තහවුරු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?