පාසල් ළමුන් මග දමා ගිය රියදුරු හා කොන්දොස්තරගේ වැඩ තහනම්

පාසල් ළමුන් බසයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ රියදුරු සහ කොන්දොස්තරවරයෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලය මේ බව ප්‍රකාශ කළ බවයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම – කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් අංක NC – 0755 බස් රථයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරයාගේ රාජකාරි කටයුතු බවයි වාර්තා වන්නේ.

අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැඳී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්‍රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරිවරුන් පාසල් ළමුන් රැඳී සිටින බස් නැවතුම්පොළවල්වල රඳවා බස්රථ නවත්වන ලෙස සභාපතිවරයාගේ උපදෙස් පරිදි නිලධාරින් ක්‍රියාත්මක වී තිබෙනවා.

එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවට වාර්තා වූ බව කළුතර ලංගම උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද (06) දිනයේ දී නැවත ඩිපෝ අධිකාරිවරුන් මෙන් ම ජංගම පරීක්ෂකවරුන් ද යොදවා පරීක්ෂා කිරීමේ දී රියදුරු සහ කොන්දොස්තරවරයා එම නිලධාරින් සමග ද බහින්බස් වීමක් සිදු කරගෙන තිබෙනවා.

එහිදී බස් රථ රියදුරු විසින් පවසා ඇත්තේ “මොකා කීවත් ආයේ නවත්වන්නේ නෑ, පුළුවන් දෙයක් කරන්න” යනුවෙන්.

එම සිද්ධිය ජංගම දුරකථන දර්ශන සමගින් ලංගම නව සභාපති රමාල් සිරිවර්ධන මහතාට සැලවීමත් සමගින් අදාළ රියදුරු සහ කොන්දොස්තරවරයා සේවයෙන් පහකිරීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලය නිවේදනය කළා.

පාසල් සිසුන් කාලයක සිට මෙම ගැටලුවට මුහුණපා ඇති අතර, පැවති පරිපාලන දුර්වලතා හේතුවෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සිය අභිමතය පරිදි මගීන් නංවාගැනීම සිදුකර ඇති බවත් ලංගම ආරංචි මාර්ග තහවුරු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03