AFC Banner
AFC Banner
Empty Ad

පාසල් ළමුන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පාවිච්චියේ වැඩි ප්‍රවනතාවක්

මෑතකාලයේ දී පාසල් ළමුන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීමට වැඩි වශයෙන් පෙළඹී ඇති බව ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සඳහන් කරනවා.

මේ වනවිට පාසලේ 07, 08 වැනි ශ්‍රේණිවල සිසුන් පවා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන බහුලව භාවිත කිරීමට පෙළඹී ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

පාසල් සිසුන් බොහෝවිට පාසලේ දී හා බාහිර පංතිවල දී මෙලෙස දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පාවිචිකිරීම සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙලෙස දුම්කො භාවිත කරන සිසුන්ගේ අධ්‍යාපනය හා වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා පවතින ආශාව මෙම තත්ත්වය තුළ නැති වී ගොස් ඇති බවත්, ඔවුන් වෙනත් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීමේ වැඩි අවදානමක් පවතින බව ද ඔහු පැවසුවා.

ඒ අනුව මෙවැනි දරුවන් එම තත්ත්වයන්ගෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන්, පාසල් සහ බාහිර පංති ගුරුවරුන්ට විශාල වගකීමක් ඇති බවයි විශේෂඥ වෛද්‍වරයා අද (03)මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?