පාසල් ළමුන් ඉලක්ක කරගත් මත්පෙති ජාවාරමක් වටලයි

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසල් ඉලක්ක කරගනිමින් පාසල් සිසුන්ට මත්පෙති අධික මිල ගණන් යටතේ විකිණීමේ ජාවාරම නිරත වූ පුද්ගලයින් දෙදෙනකු ස්ථාන 02ක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් අද (24) දින එම ප්‍රදේශයේ සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මත්පෙති 840ක් සොයා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඊයේ (23) දින යාපනය මාණිප්පයි ප්‍රදේශයේ දී ද මානිප්පායි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද සෝදිසියක දී මත්පෙති 1400ක් සොයාගනු ලැබුවා.

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් කිහිපයක් ආසන්නයේ සහ නගරයේ පොලිස් නිලධාරීන් විසින් සිවිල් පුද්ගලයින් වශයෙන් වෙස්වලා අදාළ වැටලීම් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාණිප්පායි සහ චුන්නාකම් ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොවුන් 41 හැවිරිදි වියෙහි පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?