spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන්ට මත්පෙති විකිනීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

යාපනය මයිලන්කාඩු ප්‍රදේශයේදී ඉතා රහසිගත අයුරින් පාසල් ළමුන්ට මත් පෙති විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මයිලන්කාඩු ප්‍රදේශයේ පාසලක් අසල සිදුකරන ලද සෝදිසියකදී අදාල සැකකරුවන් මත්පෙතිද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල ජාවාරම් කරුවන් කලක සිට යාපනයේ ප්‍රසිද්ධ පාසල් කිහිපයකම පාසල් ළමුන්ව මෙලෙස මත්පෙති පානය සඳහා නැඹුරු කරගනිමින් මත්පෙති විකණීම සිදුකොට තිබෙන බව අනාවරණය වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මයිලන්කාඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 44 වයස්හි පසුවන අය වේ.

වැඩිදුර පරික්ෂණ කටයුතු චුන්නාකම් පොලීසිය විසින් සිදුකරනු ලබයි.

1 1 1
1 2 1
1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?