පාසල් සිසුවෙකු අනතුරට පත් කර පලාගිය ත්‍රිරෝද රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට 

ගිනිගත්හේන නගර මධ්‍යයේදි පාසල් සිසුවෙකු අනතුරට පත් කර එම සිසුවා එම ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා පලා ගිය ත්‍රිරෝද රථයේ රියදුරා ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන (26) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (31) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යටියන්තොට මිපිටිකන්ද ප්‍රදේශයේ පදිංචි පලනිසාමි උපාලි නැමති 26 හැවිරිදි අයෙකි.

සැකකරු ඉකුත් (22) දින හැටන් සිට යටියන්තොට දක්වා ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්තාවේ ගිනිගත්හේන නගරය මධ්‍යයේදි සුදු ඉර සිමාවෙන් පාසල් සිසුවෙකු පාර මාරුවිමට ගිය අවස්තාවේ අනතුරට පත් කර එම පාසල් සිසුවා රෝහල් ගත කරන බවට පවසා ත්‍රිරෝද රථ රියදුරා එම පාසල් සිසුවා ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස රු 500 මුදලක් පාසල් සිසුවා වෙත ලබා දි පාසල් සිසුවාව ගිනිගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේ දමා ගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් සිසිටිවි දර්ශන ඔස්සේ පරික්ෂණ පැවැත්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සැකකරු සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

රිය අනතුරක් සිදු කර පලායාම ල අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරිම ල රිය අනතුරක් පොලිසිය වෙත වාර්තා නොකිරිම තුවාලකරු රෝහල්ගත නොකිරිම ඇතුළු චෝදනා පහක් යටතේ බි වාර්තාවක් මගින් සැකකරුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26