AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුවියක් සොයාගන්න පොලීසිය මහජන සහාය පතයි

මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතරුදන්ව ඇත්තේ ගයාත්‍රී දෙව්ශානි සූරියසිංහ නමැති වයස අවුරුදු 17ක පාසල් සිසුවියක්.

මෙම සිසුවිය පසුගිය ජුනි මස 17 වනදා සිට අතුරුදන්ව ඇති බවටයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ඒ, අනුව දැරිය සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතන අතර, ඇය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක – 0718 591 630
මීගමුව පොලීසිය – 0312 222 227

පොලිස් මධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ පාසල් සිසුවියගේ ඡායාරූපය පහතින්.

02 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
3
+1
20
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?