AFC Banner
AFC Banner
Empty Ad

පාසල් සිසුවියකගේ මළ සිරුර බෝබිමේ එල්ලෙයි

බලංගොඩ, කරව්කැටිය ප්‍රදේශයේ පිහිටි බෝබිම් නිවාසයක ඉහළ මහලයේ එල්ලෙමින් තිබිය දී පාසල් සිසුවියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ බලංගොඩ පොලිඉස්ය විසින් ඊයේ (21) රාත්‍රියේ මෙම සිසුවියගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් බව සඳහන්.

බලංගොඩ, මරංගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සිසුවිය අදාළ බෝබිමේ නැවතී සිට පාසල් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුර සම්බන්ධයෙන්වන හදිසි මරණ පරීක්ෂණය ඊයේ (21) රාත්‍රියේම සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය බලංගොඩ මූලික රෝහලට යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
5
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?