පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට

ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

දෙමව්පියන්ට අසාධාරණයක් නොවන අයුරින් පාසල් වෑන් රථ ගාස්තු අයකිරීමට පියවර ගන්නා ලෙස සියලුම  පාසල් ළමුන් ප්‍රවාහන රථ වලින් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කලේය.

අසාදාරණ ලෙස ගාස්තු අය කරන පාසල් වෑන් රථ ප්‍රතික්ෂේප කිරීමට පියවර ගන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය.

මේ අතර රටේ පවතින ගැටුම්කාරී තත්වය සැලකිල්ලට ගනිමින් හෙට(21) දිනයේ පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු වල නිරත වන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් සියලුම පාසල් වෑන් රථ අද දිනයේ ධාවනයෙන් ඉවත්වීමට පියවර ගත් බවත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

පාසල් වෑන් රථ ධාවනය සඳහා අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන්නේනම් සියලුම පාසල් වෑන් රථ හෙට(21) දිනයේ සිට ධාවනයට පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25