තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම – 2025
2015 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා.
2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා තෝරාගත් පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් ද එම වැඩසටහන යටතට ඇතුළත්.
2025 වර්ෂය සඳහා එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවක නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිල දී ගැනීමට රුපියල් 3,000/- බැගින් තිළිණපතක් ලබාදීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
ඒ අනුව;
- සිසුන් 250ට අඩු පාසල් 6,000ක ඉගෙනුම ලබන සිසුන් 650,000ක් සඳහා
- සිසුන් සංඛ්‍යාව 250ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල්වල සිසුන් 140,000ක් සඳහා
- විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28ක සිසුන් 2,300ක් සඳහා
- පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහිපැවිදි පිරිවෙන් සිසුන් 30,000ක් සඳහා මෙම හිමිගැන්වීම ලැබෙනවා.