පාසල් පාවහන් යුගලක් ගැනීමට රජයෙන් රුපියල් 3000ක මුදලක්

තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම – 2025

2015 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා.

2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා තෝරාගත් පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් ද එම වැඩසටහන යටතට ඇතුළත්.

2025 වර්ෂය සඳහා එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවක නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිල දී ගැනීමට රුපියල් 3,000/- බැගින් තිළිණපතක් ලබාදීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඒ අනුව;

  • සිසුන් 250ට අඩු පාසල් 6,000ක ඉගෙනුම ලබන සිසුන් 650,000ක් සඳහා
  • සිසුන් සංඛ්‍යාව 250ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල්වල සිසුන් 140,000ක් සඳහා
  • විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28ක සිසුන් 2,300ක් සඳහා
  • පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහිපැවිදි පිරිවෙන් සිසුන් 30,000ක් සඳහා මෙම හිමිගැන්වීම ලැබෙනවා.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51