පාලු ස්ථානයක කාන්තාවක් තනිකර කරපු කැත වැඩේ සීසීටීවි තුලින් මාට්ටු වෙයි

ප්‍රදේශ කිහිපයක රන් මාල කඩා ගැනීමේ සිද්ධි රැසකට සැකකෙරෙන පුද්ගලයෙකුව පොලීසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ CCTV දර්ශන මගින් අනාවරණය කරගත් තොරතුරු මතය.

සැකකරු සොරකම් කරන ලද යතුරුපැදියකින් ගමන් කරද්දී පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවද පොලීසිය පවසයි.

එගොඩඋයන පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු සොරකම් කරන ලද යතුරුපැදිවලින් පැමිණ එම රන් භාණ්ඩ කොල්ලකා ඇති බවය.

සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ අලුත්ගම, පානදුර, මොරටුව සහ එගොඩඋයන යන පොලිස් බලප්‍රදේශවල යතුරුපැදි සොරකම්කර එම යතුරුපැදි උපයෝගී කරගෙන මහ මග ගමන් ගන්නා අයගේ රන් භාණ්ඩ කොල්ලකා තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව සොරකම් කරන ලද යතුරුපැදි 3ක් සහ රන් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව පොලීසිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?