පාලන මිලටත් අඩුවෙන් ලබන සතියේ සිට වෙළඳපොළට සහල් (වීඩියෝ)

විදුලි බිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ, අනුව ලබන සතියවන විට පවතින සහල් පාලන මිලවන රුපියල් 230ට වඩා අඩුවෙන් වෙළඳපොළට සහල් නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති යු.කේ සේමසිංහ අද (20) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

මේ අතර එළඹෙන සතියවන විට තෙත වී කිලෝවක මිල රුපියල් 100ක් දක්වා අඩුවනු ඇති බවට විශ්වාසකරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම වී මිල ගණන් එළඹෙන සතියවන විට රජය විසින් ගැසට් කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ සභාපතිවරයා; එහිදී වියළි වී කිලෝවක් සඳහන් රුපියල් 115ත් 120ත් අතර මිලක් නියම කරනු ඇති බවට බලාපොරොත්තුවන බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?