Empty Ad
AFC Banner
Empty Ad

පාලනයෙන් තොර ධාවනයෙන් දෙදෙනකුට බරපතළයි

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් එහි ගමන් කළ දෙදෙනකුට බරපතළ තුවාල සිදු වී ඔවුන් ව රෝහල්ගත කර තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; මෙම ත්‍රීරෝද රථය අඩි 30ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත්තේ අද (27) අලුයම බවයි.

හැටන් සිට වටවල මවුන්ට්ජින් වත්ත දක්වා ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ මගියා මෙලෙස තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වටවල ප්‍රාදේශීය රෝහලෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව ද වාර්තා වනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල – කුයිල්වත්ත ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දියි.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදු ව ඇති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?