Empty Ad
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තු මාර්ගයේ අද උදේ ඇති වූ මාර්ග තදබදයට පොලිසිය හේතු කියයි

අද (18) උදෑසන පාර්ලිමේන්තු මාර්ගයේ ඇති වූ මාර්ග තදබදය සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

පොලිසිය පවසන්නේ පොල්දුව මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා අමතර මංතීරුවක් විවෘත කර උදෑසන සහ සවස් කාලයේ ඇතිවන වාහන තදබදය අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු මීට පෙර ගෙන තිබූ බවයි.

ඒ, සඳහා රථවාහන කේතු යොදාගනිමින් මාර්ගය වෙන් කිරීමේ කොන්ත්‍රාත්තුව පුද්ගලික සමාගමකට පවරා තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

එලෙස මාර්ගය වෙන් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබූ සමාගමේ කොන්ත්‍රාත් කාලය ඊයේ (17) දිනයෙන් අවසන් වී ඇති අතර, ඒ පිළිබඳව පොලිසිය පෙර දැනුම්වත් කිරීමකින් තොරව අදාළ සමගම එම කටයුත්තෙක් අද (18) සිට ඉවත් වී තිබෙනවා.

මේ හේතුවෙන් අද (18) උදෑසන කාලයේ එම මාර්ගය භාවිත කරමින් කොළඹට ඇතුළුවීමේ දී රථවාහන තදබදයක් හටගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් මහජනතාව සහ රියැදුරන් පත් වූ අපහසුතාවට කණගාටුව පළ කරන බව ද පොලිසිය සඳහන් කරනවා.

කෙසේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ පුද්ගලික සමාගම අතර මේ වනවිට එකඟතාවයට පැමිණි ඇති අතර; අද (18) පස්වරුවේ සිට යළිත් මෙම අමතර මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද ලණුව කාපු අය දැන් - බටලන්දෙන් නාගන්න වගේ හදන්නේ
12:45
Video thumbnail
මහ දවල් අකුරැස්ස උණුසුම් වූ රන්භාණ්ඩ වෙළෙදසැල් කොල්ලය
02:18
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
03:01:01
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34

?