පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් අද (11) දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ අතර ලබන 17 වන දින පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

යෝජිත පරිදි උක්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, පනත් කෙටුම්පතේ 03 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තෙක්ට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබීම නතරවනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, චන්දන සූරියආරච්චි සහ ධර්මප්‍රිය විජේසිංහ යන අය සහභාගි වුණා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, එම්. කේ. එම්. අස්ලම් සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන අයද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ත්‍රීකුණාමල බන්ධනාගාරය කියන්නේ වදකාගාරයක්.." l Balangoda Kassapa Thero
04:53
Video thumbnail
පිටත වටරවුම් මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ගිනි අවියක්, ව්‍යාජ අංක තහඩු, මත්ද්‍රව්‍යත් සමඟ කතක් කොටුවෙයි
00:30
Video thumbnail
ගෝඨාභයට වුණ දේම අනුරටත් වෙනවා l Mahinda Amaraweera
19:45
Video thumbnail
තොපි වැටෙනවා මිසක් අපි වැටෙන්නේ නෑ..ඩඩ්ලි විපක්ෂයට හොඳ පදෙන් අමතයි.. l Dudley Sirisena
07:16
Video thumbnail
සජිත් විපක්ෂ නායක නෙමෙයි විනාස නායක l Sajith l Wasantha
08:21
Video thumbnail
පොහොටුවේ 159 ? මරික්කාර් මොකක්ද මේ කියන්නේ ?..වර්තමාන කථානායක අශෝකට වඩා හපන්..
09:26
Video thumbnail
අපි ඡන්දවලට බය නෑ - අපි ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්නේ l Samantha Vidyarathna
02:30
Video thumbnail
අමරකීර්ති ඝා#නය කරපු අයට දඬුවම් දුන්න එකට මට නම් හරිම සතුටුයි..රටක නීතිය වල් වදින්න දෙන්න බෑ
01:08
Video thumbnail
යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියත් එක්ක වලියක් l Jaffna l Police
03:52


?