ජනමාධ්‍යවේදීන්ට අවහිරයකින් තොරව පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව සලසන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (07) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
පුවත්පත් මාධ්‍යවේදිනියකට පාර්ලිමේන්තුවට පැමිණීමේදී බාධා එල්ල වී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
ඇයට ආපසු යන ලෙස දැනුම් දී ඇති අතර වෙනත් මාධ්‍ය ආයතනයක වාහනයක නැගී පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද කථානායකවරයා ගෙන් ඉල්ලා සිටියේ මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවක් සිදු නොවන ලෙස කටයුතු කරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




