පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගුටි කෑ රාජපක්ෂ කට අරියි

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කරනවා.

පහරකෑමට ලක් ව දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවසට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඊයේ (13) මුල්වරට දසත නිවුස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ද මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ මේ වනවිට සිද්ධියෙන් දින දහයක් ගත වී තිබුණත් ඊට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අප‍ොහොසත් වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සටහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතින බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය වූ ස්ථානයේ ඇති cctv දර්ශන පරීක්ෂා කළහොත් සියලු තොරතුරු සැක හැර අනාවරණය කරගත හැකි බවටයි ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46