පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි

කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයන් තවත් 14 දෙනකු අද හඳුනාගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් සඳහන් කර සිටිනවා. මේ පිරිස හඳුනාගෙන ඇත්තේ පාර්ලිමේන්තු සේවකයන් 65 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජන කළ අවස්ථාවේදී. එම පරීක්ෂණය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා.

කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයෝ 25 දෙනෙක් ඉකුත් ජනවාරි 31 වෙනිදා සොයා ගනු ලැබූ අතර ඔවුන් අතර පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයාද විය.

කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොළොස් දෙනෙක්ද පසුගිය සති කිහිපයේදී කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති අතර කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 47ක්.

කොවිඩ් ආසාදිත කතානායකවරයා මේ වනවිට සුවය ලබා සිටින අතර ඔහුගේ නිරෝධායන කාලය ලබන සඳුදා අවසන්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10