පාපැදියේ මරු සොයා ගිය පාසල් සිසුන් දෙදෙනා

බෑවුම් සහිත මාර්ගය පාපැදියකින් ගමන් කළ පාසල් සිසුන් දෙදෙනෙක් එහි තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කර ගැනීමට නොහැකිව තාප්පයක ගැටී සිදු වූ අනතුරකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් සිසුවා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

දික්වැල්ල, දොඩම්පහල ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවෙක් බව සඳහන්.

අමතර පන්තියකට සහභාගිවීම සඳහා සිය මව සමඟ ගොස් සිටිය දී, පන්තිය ආරම්භ වීමට පෙර යහළුවන් සමඟ බයිසිකල් පදිමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසු දරුවන් දෙදෙනා දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කළ ද එක් සිසුවෙකුගේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවන් මරණයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?