පාපැදියේ මරු සොයා ගිය පාසල් සිසුන් දෙදෙනා

බෑවුම් සහිත මාර්ගය පාපැදියකින් ගමන් කළ පාසල් සිසුන් දෙදෙනෙක් එහි තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කර ගැනීමට නොහැකිව තාප්පයක ගැටී සිදු වූ අනතුරකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් සිසුවා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

දික්වැල්ල, දොඩම්පහල ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවෙක් බව සඳහන්.

අමතර පන්තියකට සහභාගිවීම සඳහා සිය මව සමඟ ගොස් සිටිය දී, පන්තිය ආරම්භ වීමට පෙර යහළුවන් සමඟ බයිසිකල් පදිමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසු දරුවන් දෙදෙනා දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කළ ද එක් සිසුවෙකුගේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවන් මරණයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කියන්න දෙයක් නෑ..අසාර්ථක ආණ්ඩුවක්..ඉදිකිරීම් ද්‍රව්‍ය වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසරණවෙයි
01:31
Video thumbnail
නිරෝෂන් ආණ්ඩුවේ කෙරුවාව එකින් එක හෙළිකරයි..මෙයාලට අවු:25ක් හිරේ ඉන්න වෙයි..මේ Gota Two
05:54
Video thumbnail
උද්දච්චකම පැත්තක තියලා රනිල්ගෙන් ගිහින් උපදෙස් ගන්න..අජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
08:21
Video thumbnail
චමින්දගෙන් සැර සත්තමක් - ආණ්ඩුව Fail..යුද්දය පෙන්නලා සාක්කු පුරවගන්නවා මේ කයිතන් ආණ්ඩුව
09:30
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38