පාපන්දු ක්‍රීඩාංගනයක තෙරපීමකින් 9ක් මරුට

එල් සැල්වදෝරයේ අගනුවර පාපන්දු ක්‍රීඩාංගනයක තෙරපීමකින් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පිරිමි හත් දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 18ට සහ ආසන්න වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

දේශීය පාපන්දු කණ්ඩායම වන ඇලන්සා සහ සැන්ටා ඇනා පදනම් කරගත් ෆාස් කණ්ඩායම අතර පැවති තරඟයක් අතරතුර මෙම තෙරපීම හටගෙන තිබෙනවා.

පසුව තරගය විනාඩි 10ක පමණ කාලයක් නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගේට්ටු වසා දැමීමෙන් පසු ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ තෙරපීම ආරම්භ වීමෙන් පසුව මෙම තත්වය සිදුව ඇති බව සඳහන්.

කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින්, සැල්වදෝරන් පාපන්දු සම්මේලනය කියා සිටියේ සිදු වූ දෙය ගැන කනගාටු වන අතර වින්දිතයින්ගේ පවුල්වලට සහයෝගය පළ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40