spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාපන්දු ක්‍රීඩාංගනයක තෙරපීමකින් 9ක් මරුට

එල් සැල්වදෝරයේ අගනුවර පාපන්දු ක්‍රීඩාංගනයක තෙරපීමකින් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පිරිමි හත් දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 18ට සහ ආසන්න වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

දේශීය පාපන්දු කණ්ඩායම වන ඇලන්සා සහ සැන්ටා ඇනා පදනම් කරගත් ෆාස් කණ්ඩායම අතර පැවති තරඟයක් අතරතුර මෙම තෙරපීම හටගෙන තිබෙනවා.

පසුව තරගය විනාඩි 10ක පමණ කාලයක් නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගේට්ටු වසා දැමීමෙන් පසු ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ තෙරපීම ආරම්භ වීමෙන් පසුව මෙම තත්වය සිදුව ඇති බව සඳහන්.

කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින්, සැල්වදෝරන් පාපන්දු සම්මේලනය කියා සිටියේ සිදු වූ දෙය ගැන කනගාටු වන අතර වින්දිතයින්ගේ පවුල්වලට සහයෝගය පළ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?