පානය කිරීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු කළා යැයි කියා පුද්ගලයෙකුට දරුණු ප්‍රහාරයක්

පානය කිරීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු කළා යැයි පුද්ගලයෙකු තවත් අයෙකුට බෝතලයෙන් තුන් වතාවක් ඇන; පහර දී තිබෙනවා.

එම පහරකෑමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා අසාධ්‍ය ව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ සවස අළුත්ගම පොලිස් වසමේ දන්වත්තගොඩ, පැණිබැඳිගොඩ ප්‍රදේශයේ පදිංචි අසල්වාසීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම අපරාධය සිදු ව තිබෙනවා.

එක් අයෙකු තවත් අයෙකුට බෝතලයක් කඩා ගෙළ ප්‍රදේශයට, පපු සහ පිට ප්‍රදේශයට තෙවරක් ඇන බරපතළ තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

දෙපිරිස ම ජලය පානය සඳහා යොදා ගන්නා ළිඳ තුළට ඊයේ උදෑසන කුකුළෙකු වැටී මියගොස් තිබෙනවා.

ඉන් පසුව එක් පාර්ශ්වයක් තවත් පාර්ශ්වයකට මෙම කුකුළා ඉවත් කරන ලෙස දන්වා ඇති අතර ඉන් පසුව එම කුකුළා ඉවත් කිරීම එක් පාර්ශ්වයක් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් වයස අවුරුදු 29 වියැති පුද්ගලයකු විසින් වයස අවුරුදු 52 වියැති අසල්වැසි පුද්ගලයාට අසල තිබූ බෝතලයක් කඩා පහර දී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවත්, 29 හැවිරිදි තරුණයා සැඟව සිටියදී අලුත්ගම පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34