AFC Banner
AFC Banner
Empty Ad

පානදුර වෙරළේ දී රළ පහරට හසුවූ අයෙකු බේරා ගැනේ (ඡායාරූප)

අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් පානදුර වෙරළට පැමිණ සිටියදී රළ පහරට හසුවී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට පොලිස් සහ නාවික ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට පුද්ගලයෙකු රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ඔහු බේරා ගැනීමට පැමිණ ඇත්තේ.

ගොඩ ගන්නා විට අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයා සුවසැරිය ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහලට යොමුකර තිබෙනවා.

ඔහු මේවන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?